Vimasuma.com - Sinhala News Paper
 
NEWS
FEATURES
ANALYSIS
TECHNOLOGY
MOVIES
FASHION
.

2014
2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   7,189.51 0.40
 S&P SL20  3,991.59 0.33
   
Turnover Rs 2.29bn
Updated at 2014-10-23 03:10PM

 
 SL Rs.   SL Rs.
$ 129.31  132.19
206.82  212.75
162.46  167.80
1.2008   1.2390
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2014-10-23 02:10PM

Feedback : vimasuma.com@gmail.com
 

.
මන්නාරමේ තෙල් සෙවීමේ ප්‍රතිඵල සතුටුදායකයි
03/10/2013 19:07

මන්නාරම් ද්‍රෝණියේ සිදු කරන තෙල් සහ ස්‌වාභාවික ගෑස්‌ ගවේෂණයෙන් මේ වනවිට සියයට 50 ක සාර්ථකත්වයක්‌ අත් කරගෙන තිබෙන බව අනාවරණය වේ.

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති මෙම සාර්ථකත්වය සුබවාදී මට්‌ටමක පවතින බවත් ඒ අනුව තෙල් සහ ස්‌වාභාවික ගෑස්‌ ගවේෂණයේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බවත් මෙරට තෙල් ගවේෂණයේ යෙදෙන කේන් ලංකා සමාගමේ සන්නිවේදන ප්‍රධානී ආචාර්ය සුනිල් භාරතී මහතා ප්‍රකාශ කළබව “දිවයින“ පුවත් පත වාර්තා කරයි.

මේ වනවිට, මන්නාරම් ද්‍රෝණියේ හයිඩ්‍රොකාබන් ගවේෂණ ළිං හතරක කැණීම් සිදු කොට ඇති අතර එයින් ළිං දෙකක ස්‌වාභාවික ගෑස්‌ නිධි සොයාගෙන තිබේ. මන්නාරම් ද්‍රෝණියේ කණින ලද පළමු සහ දෙවැනි ගවේෂණ ළිං වලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු අතර තුන්වැනි සහ හතරවැනි ළිං වලින් හයිඩ්‍රොකාබන් නිධි හමු නොවූ බවත් අනිල් භාරතී මහතා පවසයි.


Comment